මඩවල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකුගෙන් පාපොච්චාරණයක්.

Thursday, 31 January 2013 - 13:41

%E0%B6%B8%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකුට මහේස්ත්‍රාත් නිල මැදිරියේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අද අවසර හිමිවුණා. ඒ ඊට අදාළ නඩුව මහර - කඩවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදියි. මහර - කඩවත ප්‍රධාන මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මෙම අවසරය ලබාදුන්නේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වන සිංගප්පූරු සරත් නොහොත් සරත් කුමාර එදිරිසිංහ සහ සමන් නිශාමන් යන සැකකරුවන් දෙදෙනාටයි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි සැකකරුවන්ට මෙම අවසරය හිමිවුණේ.

 

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතන සිද්ධියට අදාළ නඩුව අද මහර - කඩවත ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 5 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.