සක්විතිට වසර දෙකක සිරදඬුවමක්.

Thursday, 31 January 2013 - 18:53

%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



බහු විවාහ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ නැමැත්තාට බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් අද (31) නියම කරනු ලැබුවා. මීට අමතරව රුපියල් 25,000 ක දඩයක්ද නියම කළා. මූල්‍ය වංචා චෝදනා රැසක් සම්බන්ධයෙන් අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ නැමැත්තා දිගුකලක් මුළුල්ලේ රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඔහු 1998 මාර්තු මස 9 වැනිදා, සුභාෂිණි ද සිල්වා ආරියරත්න නැමැත්තිය සමග පළමුව විවාහ ගිවිසගෙන සිටි බවටයි නඩුවේදී අනාවරණය වුණේ. පසුව ඔහු එම විවාහය අවලංගු නොකර 2004 මාර්තු 25 වැනිදා කුමාරි අනුරුද්ධිකා නැමැත්තිය සමග විවාහ වී තිබෙනවා. නීත්‍යානුකූල භාර්යාව ජීවත්ව සිටියදී එම විවාහය අවලංගු නොකර නැවත විවාහයක් කර ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සක්විති රණසිංහට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා. මේ පිළිබඳ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්, සක්විති රණසිංහ වෙත බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඩුවම් නියම කළා.

 

තනි පුද්ගලයෙකු විසින් සිදුකළ වැඩිම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ සක්විති රණසිංහ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. රුපියල් කෝටි 105 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි 2014 ක් පිළිබඳ මිරිහාන පොලිසිය විසින් විමර්ශන සිදුකරනවා.



පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More

වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More