හලාවත සිසුවියගේ මරණයට හේතුව හෙළි වෙයි.

Thursday, 31 January 2013 - 18:59

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

වාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය අතරතුරදී මියගිය හලාවත ආනන්ද ජාතික පාසලේ සිසුවියගේ මරණයට හේතුව මේ වනවිට හෙළි වී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇගේ කිරීටක ධමනිවල පිහිටීමේ වෙනසක් ඇති බවයි.  ඒ පිළිබඳ පැහැදිලි කළ හලාවත දිසා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ජයසිංහ.

[MP3]s52497_1[/MP3]

හලාවත ආනන්ද ජාතික පාසලේ 12 ශ්‍රේණියේ සිසුවියක් අද (31) පෙරවරුවේ හදිසියේම රෝගාතුර වූයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයට එක්ව සිටියදීයි. පසුව ඇයව හලාවත රෝහලට ඇතුළත් කළා. රෝහලට ගෙන යන අවස්ථාවේදීත් සිසුවිය මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් පසු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සිසුවියගේ පියාද රෝහල් ගත කළා. කෙසේ වෙතත්, ඔහු මේ වනවිට සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. තම දියණියට අත්වු අවාසනාවන්ත ඉරණම පිළිබඳ මියගිය ශිෂ්‍යාවගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට මෙසේ අදහස් පළ කළා.

[MP3]s52497_2[/MP3]

මියගිය ශිෂ්‍යාවගේ නැගණියද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

[MP3]s52497_3[/MP3]

කෙසේ වෙතත්, හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පති සරත් වීරසිංහගෙන් මේ සම්බන්ධයෙන් අප වීමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙවැනි නිවාසාන්තර තරග පැවැත්වීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛවලට අදාළව තම පාසල කටයුතු කර ඇති බවයි. තරගවලට පෙර ක්‍රීඩිකාවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළ බවද ඔහු කියා සිටියා.

[MP3]s52497_4[/MP3]

හලාවත දිසා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ජයසිංහ පැවසුවේ විදුහල්පතිවරයා එම වෛද්‍ය වාර්තා තමන් වෙත ලබාදුන් බවයි.

[MP3]s52497_5[/MP3]