විශ්වරූපම් තවමත් ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ තහනම්.

Friday, 01 February 2013 - 7:46

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

දකුණු ඉන්දීය සුපිරි නළු කමලහසන් අධ්‍යක්ෂණය කර ප්‍රධාන චරිතය නිරූපණය කරන විශ්වරූපම් චිත්‍රපටය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට තීරණය කර ඇති බව සංස්කෘතික අමාත්‍ය ටී.බී.ඒකනායක පවසනවා. මෙම චිත්‍රපටය තිරගතකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මෙරට ඉස්ලාමීය ආගමික නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s52514[/MP3]

මේ අතර, චෙන්නායි මහාධිකරණය ද ඊයේ නැවතත් නියෝගයක් නිකුත් කරමින් විශ්වරූපම් චිත්‍රපටය තමිල්නාඩුව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරනු ලැබුවා.

ජාතිවාදී හැඟීම් ඇති කරන දර්ශන පවතින බැවින් විශ්වරූපම් චිත්‍රපටය තමිල්නාඩුව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරිමට තමිල්නාඩු ප්‍රාන්ත රජය මීට පෙර පියවර ගත්තා. එහෙත් කමලහසන් සිදුකළ පෙත්සමකට අනුව පෙරේදා දිනයේ එම තහනම ඉවත් කිරීමටයි චෙන්නායි මහාධිකරණය නියෝග කළේ. ඊයේ දිනයේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ නීතිපතිවරයා විසින් මෙම තීරණය අභියෝගයට ලක් කරමින් නැවත වරක් අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. මෙය සළකා බැලූ චෙන්නායි මහාධිකරණය ලබන පෙබරවාරි 6 වැනිදා දක්වා විශ්වරූපම් චිත්‍රපටය තමිල්නාඩුව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් නැවත වරක් තහනම් නියෝගය නිකුත් කළා.



දිස්ත්‍රික්ක 4කට පැනවූ නාය යාමේ අවදානම දීර්ඝ කෙරේ
Monday, 25 May 2020 - 17:47

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 4කට පනවා තිබූ නාය යාමේ... Read More

නිරෝධායනය වූ තවත් 39 දෙනෙකු පිටව යයි
Monday, 25 May 2020 - 17:46

රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන... Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
Monday, 25 May 2020 - 17:43

ගංගා ද්‍රෝණි කිහිපයක් ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයක්... Read More