හලාවත සිසුවිය ගැන ගුරු සංගම් පරීක්ෂණයක් ඉල්ලයි.

Friday, 01 February 2013 - 7:49

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය අතරතුරදී මියගිය හලාවත ආනන්ද ජාතික පාසලේ සිසුවියගේ මරණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ගුරු සංගම් පවසනවා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එහි සැබෑ තොරතුරු හෙළි කළ යුතු බවයි.

[MP3]s52515_1[/MP3]

හලාවත ආනන්ද ජාතික පාසලේ 12 ශ්‍රේණියේ සිසුවියක් ඊයේ පෙරවරුවේ හදිසියේම රෝගාතුර වූයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයට එක්ව සිටියදීයි. පසුව ඇයව හලාවත රෝහලට ඇතුළත් කෙරුණා. රෝහලට ගෙන යන අවස්ථාවේදීත් සිසුවිය මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇගේ කිරීටක ධමනිවල පිහිටීමේ වෙනසක් ඇති බවයි. ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැහැදිලි කරන හලාවත දිසා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ජයසිංහ.

[MP3]s52515_2[/MP3]