උතුරේ ප්‍රතිසංස්කරණ ගැන බ්‍රිතාන්‍ය ප්‍රසාදය.

Friday, 01 February 2013 - 7:51

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.



යුද්ධයේ නිමාවෙන් අනතුරුව ඇතැම් අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන දකුණු ආසියාව පිළිබඳ බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් පවසනවා. යුද්ධයේ විනාශකාරි බලවේග ජීවිත, පවුල්, සමාජයන් මෙන්ම, රට ද වෙන් කරනු ලැබුවා. එහෙත්, දැන් මෙරට උතුරුකරයේ එහි සලකුණු පමණක් ඉතිරිව ඇති බවයි බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ප්‍රතිසංස්කරණය සහ නැවත ගොඩනැගීමේ අභියෝගවලට මුහුණදීම මෙන්ම එක්සත්ව සංහිඳියාව ඇතිකරලීමට ශ්‍රී ලාංකිකයන් කටයුතු කරන ආකාරය ප්‍රසාද ජනක බවත්, බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් කියා සිටියා.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් උතුර සහ දකුණ අතර බෙදීම අවසන් වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ. ඒ සඳහා හොඳ සන්නිවේදනයක් අවශ්‍යයි. එක්සත් ශ්‍රී ලංකාව තරුණ පරපුර ශක්තිමත් සශ්‍රික ජනකොටසක් ලෙස සවිබල ගැන්වීමට ඉවහල්වනු ඇති බවයි ඊයේ උතුරේ සංචාරයක නිරත වීමෙන් පසු බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් සඳහන් කළේ. ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කෲරත්වය හමුවේ පීඩාවට පත්වූ උතුරුකරයේ ජනතාව සමග ඍජුව අදහස් හුවමාරු කර ගැනීමට බ්‍රිතාන්‍ය අමාත්‍යවරයාට හැකිවූ බවයි.



කොවිඩ් ආසාදනය වී සිටි, තවත් නාවික හමුදා සාමාජිකයින් 10ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 10:49

කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ... Read More

සඳුදා සිට යළිත් මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 10:32

ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත... Read More

බලංගොඩ - සමනල වැවේ තරුණයෙකු ගිලී අතුරුදන්
Saturday, 06 June 2020 - 10:24

බලංගොඩ - සමනල වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව... Read More