සීගිරිය තාරකා ශාස්ත්‍රානුකූල පිහිටීමක් බවට තොරතුරු.

Friday, 01 February 2013 - 12:40

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.


ලෝක උරුමයක් වන සීගිරිය ඉදිකර ඇත්තේ තාරකා පිහිටීම අනුව බව බ්‍රිතාන්‍යයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසනවා. අරලගංවිල ප්‍රදේශයට පසුගියදා පතිත වූ උල්කාපාත කොටස් පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා දිවයිනට පැමිණි ඔහු ඇතුළු විද්‍යාඥ කණ්ඩායම ඊයේ සීගිරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මේ බව කියා සිටියේ.

 [MP3]s52536[/MP3]

දිවයිනට පැමිණි මෙම විද්‍යාඥයින් කණ්ඩායම පසුගිය 30 වැනිදා අරලගංවිල ප්‍රදේශයේ උල්කාපාත වැටී තිබූ කුඹුරු යායේ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගි වුණා. මීට පෙර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සඳහන් කර තිබුණේ එම උල්කාපාත කොටස්වල පැවති බැක්ටීරියා පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට ලද පළමු පැහැදිලි සාක්ෂිය බවයි. එය තවදුරටත් තහවුරු කරමින් පොළොන්නරුව - කුඩාවැව ප්‍රදේශයේ වෙල්යායකට පතිත වී ඇති පාෂාණ කොටස්වල පිටසක්වල ක්ෂුද්‍ර ජීවින් සිටි බවට ඔහු ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායම තහවුරු කර තිබෙනවා.



සුරක්ෂා, රැකගන්න - විපක්ෂයෙන් ඉල්ලීමක්
Monday, 01 June 2020 - 7:11

පසුගිය රජය සමයේ පාසල් දරුවන් ලක්ෂ 45කට හඳුන්වා දුන් සුරක්ෂා... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 62 ලක්ෂය ඉක්මවයි
Monday, 01 June 2020 - 6:54

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 62 ලක්ෂ... Read More

දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Monday, 01 June 2020 - 6:03

සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද... Read More