නීති ප්‍රවේශ විෂය මාලාව සංශෝධනය කෙරේ.

Friday, 01 February 2013 - 12:51

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

කොළඹ නීති විද්‍යාලයේ නව සිසු සිසුවියන් ලියාපදිංචි කිරීම අද (01) ආරම්භ කෙරෙන බව එහි විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී.රොද්‍රිගු පවසනවා. ඔහු සඳහන් කළේ නීති විද්‍යාල ප්‍රවේශයේ විෂය මාලාවට කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි. මෙවර නව සිසුන් ලියාපදිංචිය කිහිපවතාවක්ම කල් දැමුණු අතර අද සිට නව සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ කෙරෙන්නේ අගවිනිසුරු මොහාන් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති නීති අධ්‍යාපන කවුන්සිල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවයි. එහිදී අමතර සිසුන් 242 දෙනෙකු ද මෙවර නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට තීරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන නීතිවිද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී.රොද්‍රිගු.

[MP3]s52538_1[/MP3]                             

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ විෂයමාලා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා තවදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළා.

[MP3]s52538_2[/MP3]                             

පසුගිය වසරේ පැවති නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් වූ බවට පවසමින් නීති විද්‍යාල ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව මීට පෙර විරෝධතාවල නිරත වුණා. කෙසේ වෙතත්, අමතර සිසුන් සංඛ්‍යාවක් නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීම හෝ විෂය මාලා සංශෝධනය ගැටලූවට විසඳුම නොවන බවයි එම එකමුතුවේ සභාපති රම්සි බාචා ප්‍රකාශ කළේ.

[MP3]s52538_3[/MP3]

rn

මෙහිදී නීති ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෙකු වන නීතීඥ ප්‍රියදර්ශන ගමගේ ද නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් ගෙන ඇති නව තීරණ පිළිබඳ සිය අප්‍රසාදය පළ කළා.

rn


[MP3]s52538_4[/MP3]                       

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණු වහාම ඉසෙඞ් ලකුණ සම්බන්ධයෙන් ගැටලූකාරි තත්ත්වයකට තුඩු දුන් 2011 / 2012 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල සඳහා තේරීපත්වන සිසුන්ගේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න.

rn

[MP3]s52538_5[/MP3]                                   



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More