උගත් පාඩම් වාර්තාව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා අතට.

Saturday, 02 February 2013 - 8:00

%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7.

උගත් පාඩම් කොමිසමේ ක්‍රියාත්මක වූ කරුණු අන්තර්ගත වාර්තාවක් බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද අමාත්‍ය ඇලෙක්ස්ටෙයාර් බර්ට් ට ලබාදී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමග ඊයේ (01) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම වාර්තාව ලබාදුන් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමග පැවැති සාකච්ඡාවේදී දැනට උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද වැඩි අවදානයක් මෙහිදී යොමු කර තිබෙනවා. මීට අමතරව මෙරට දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබදව ද දෙදෙනා අතර කරුණු හුවමාරු වී තිබෙනවා. එහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද අමාත්‍ය ඇලෙක්ස්ටෙයාර් බර්ට් අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ දැනට ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව කරුණු ඉදිරිපත් කරන ලෙසයි. මීට අමතරව දැනට රටේ පවතින ආර්ථික තත්ත්වයන් සහ ආයෝජනයන් පිළිබදව කරුණු පැහැදිලි කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.

බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිලිබඳ අමාත්‍ය  ඇලෙක්ස්ටෙයාර් බර්ට් ඇතුළු නියෝජිතයන් පිරිසක් බ්‍රහස්පතින්දා අලූයම දිවයිනට පැමිණියා.



මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින්... Read More

ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන
Friday, 05 June 2020 - 14:57

රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක්... Read More

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගිය වැව (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:43

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගොස්... Read More