පිටසක්වල ජීවය හා වර්ණ වැසි ගැන අවසන් වාර්තාවක්.

Saturday, 02 February 2013 - 18:56

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

අරලගංවිලදී හමුවු උල්කාශ්මයෙන් මෙන්ම රතු සහ විවිධ වර්ණවලින් ඇදහැළුණු වැසිවලින් මහජන සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උද්ගත නොවන බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව වෛද්‍ය පර්යේෂණායතනය පවසනවා. අරගලංවිලට ඇදවැටුණු උල්කාශ්මයේ සහ රතු වැස්සෙන් මහජන සෞඛ්‍යයට බලපෑමක් සිදුවන්නේද යන්න පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම ආයතනයට උපදෙස් ලබාදී තිබුණා. ඒ අනුවයි වෛද්‍ය පර්යේෂණායතනය මුලින්ම රතු වැස්සෙහි ජල සාම්පල පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව එහි ක්ෂුද්‍ර ජීවින් කොටසක් සිටින බවට අනාවරණය කර ගත්තේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහගේ සහය ලබා ගැනීමට වෛද්‍ය පර්යේෂණායතනය කටයුතු කළා. නාසා ආයතනයේ විද්‍යාඥයෙකු වන රිචඞ් බී හූවර් ද මෙම පරීක්ෂණ සඳහා එක්වූ අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාව ඊයේ (01) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක වෙත ලබාදුන් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක.

[MP3]s52606_1[/MP3]

මෙම පරීක්ෂණ වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ අරලගංවිලදී හමුවු උල්කාශ්මයෙන් පෘථිවියෙන් බැහැරව ජීවයක් පවතින්නේය යන පෑන්්ස්ෆර්මියා න්‍යාය තවදුරටත් සනාථ වී ඇති බවයි. එම න්‍යාය පෘථිවියෙන් පිටත ජීවයක් පවතින්නේය යන්න තහවුරු කිරීම සඳහා කීර්තිමත් තාරකා විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ෆෙඞ් හොයිල් විසින් ඉදිරිපත් කළ මතවාදයක්.

කෙසේ වෙතත්, පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයෙන් හමුවූ පාෂාණ තුළ පෘථිවියෙන් පිටත ජීවින් දැක ගත නොහැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පසුගියදා ප්‍රකාශ කළේ.

[MP3]s52606_2[/MP3]



එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි
Tuesday, 02 June 2020 - 20:03

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය... Read More

ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:50

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල... Read More

අගමැති මහින්ද වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ සජිත් සැසඳිය නොහැකියි - නවීන් දිසානායක (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:40

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ... Read More