පාකිස්තානයට තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයක්.

Sunday, 03 February 2013 - 8:01

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාව ආසන්න කඳුකර ගෝත්‍රික ප්‍රදේශයක දී ඊයේ (02) එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබලූන් 13 දෙනෙකු සහ සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුළු ප්‍රහාරයට පැමිණි සන්නද්ධ තලෙයිබාන් සාමාජිකයන් 12 දෙනෙකු ද මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  ඇමරිකානු ඩ්‍රෝන් යානයකින් පසුගිය මාසයේ එල්ල කළ ප්‍රහාරයකදී සිය සන්නද්ධ ප්‍රධානීන් දෙදෙනෙකු මිය යාමට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව පාකිස්තාන තලෙයිබාන්වරුන් ප්‍රකාශ කළා. ප්‍රහාරය එල්ල වුයේ කේබර් ප්‍රාන්තයේ හමුදා මුරපොළකටයි.