භික්ෂූන් වහන්සේලාට දේශපාලනය අකැපයි. - අස්ගිරි මහ නාහිමි.

Sunday, 03 February 2013 - 7:41

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92.

බුදු දහමට අනුව බෞද්ධ භික්ෂූණ් වහන්සේලා දේශපාලනය කිරීම අකැප බව අස්ගිරි මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් ප්‍රකාශ කළා. රාජ්‍ය පාලනය සඳහා උපදෙස් සහ අනුශාසනා ලබාදීම පමණක් භික්ෂූණ් වහන්සේලා සිදුකළ යුතු බවයි උන්වහන්සේ කියා සිටියේ. ඇතැම් තරුණ භික්ෂූණ් වහන්සේලා මාර්ගවල උද්ඝෝෂණවලටද සහභාගී වනවා. එය සුදුසු නොවන බව මහ නාහිමියන් සඳහන් කළේ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ (02) උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි.

මේ අතර, වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ද ඊයේ අස්ගිරි මහ නාහිමියන් බැහැ දුටුවා. වන සතුන් විනාශ කිරීම පිළිබඳව මෙහිදී අස්ගිරි මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා. ආදිවාසී ජනතාව දැන් සතුන් විනාශ නොකරන බවත්, සාමාන්‍ය මිනිසුන් දඩයම් සඳහා යොමු වී ඇති බවත් උන්වහන්සේ අමාත්‍යවරයාට පෙන්වා දුන්නා. වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඊයේ (02) මල්වතු මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ද බැහැදුටු අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නව අමාත්‍යාංශය හිමිවීමත් සමග තමන් ද්වන්ධ අරගලයකට මැදි වී ඇති බවයි.
 
[MP3]s52682[/MP3]



කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට
Thursday, 28 May 2020 - 12:50

කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ... Read More

ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More