65 වන නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්.

Sunday, 03 February 2013 - 7:45

65+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

65 වන ජාතික නිදහස් දින උළෙල හෙට පෙරවරුවේ ත්‍රිකුණාමලය - ෆෙඞ්රික් කොටුව පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර ජාතික නිදහස් දින උළෙලේ තේමාව ‘‘අසිරිමත් මව්බිමක්, ඉසුරුමත් හෙට දිනක්’’ යන්නයි. නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා ආරක්ෂ අංශ නිලධාරීන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවීමට නියමිත අතර, සංස්කෘතික විශේෂාංග රැසක් ඊට එක්කර තිබෙනවා.

නිදහස් උළෙල සඳහා ආරක්ෂක හමුදා සහභාගීත්වය පිළිබඳ අප හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසීමක් කළා.

[MP3]s52630_1[/MP3]

මේ අතර පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ අද (03) සහ හෙට (04) නිදහස් උත්සවය සහ එහි පෙරහුරු කටයුතු හේතුවෙන් ත්‍රිකුණාමලය නගරයේ මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා තබන බවයි. ඒ අනුව ප්‍රධාන වීථිය, ග්‍රීන් පාර, වන්නියර් පාර, කස්ටම් පාර, ඩයිස් පාර සහ ත්‍රිකුණාමලය රෝහල දෙස සිට බේකරිය හන්දිය දෙසට දිවෙන මාර්ගය මෙලෙස වසා දැමෙනු ඇති.

හෙටට යෙදෙන 65 වන නිදහස් දිනය වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගෙන එන විශේෂාංගය.
 
[MP3]s52630_2[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More