රටට එරෙහි යෝජනා රටේ ඉදිරි ගමනට රුකුලක් නොවේ. - විදේශ ඇමති.

Sunday, 03 February 2013 - 7:47

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් මණ්ඩලයට ගෙන එන යෝජනා කිසිඳු ආකාරයකින් මෙරට ඉදිරි ගමනට රුකුලක් නොවන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් පවසනවා. එය ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආකාරය නොවේ. දෙපයින් නැගී සිටීමට උත්සාහ කරන ශ්‍රී ලංකාවට එය බාධකයක් වන බව මහාචාර්ය පීරිස් ප්‍රකාශ කළේ   ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට්ගේ දේශනයකට පූර්විකාව සපයමින්. කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා ආයතනයේ පැවැති එම දේශනයට පෙර අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 30 වසරක බෙදුම්වාදී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව ස්ථාවර ප්‍රගතියක් ලබමින් සිටින බවයි. මෙවර ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ගෙන ඒමට ඇමරිකාව කටයුතු කිරීම පිළිබදවයි මහාචාර්ය පීරිස් මෙම අදහස් පළ කර ඇත්තේ.
 
පශ්චාත් යුධ සංහිඳියාව සහ දේශපාලන විසඳුමක් උදෙසා උගත් පාඩම් කොමිෂන් වාර්තාවෙන් ඵලදායී නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇති බවයි බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබද අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් සඳහන් කළේ. කෙසේ නමුත් ජිනිවා මානව හිමිකම් සැසි වාරයේ දී ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාවට බ්‍රිතාන්‍යය සහාය දක්වන බව ඔහු ප්‍රකාශ කළා.