නීතීඥ නියෝජිතයන්ට වීසා නුදුන්නේ ඇයි?

Sunday, 03 February 2013 - 13:18

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F

ජාත්‍යන්තර නීතිඥ සංගමයේ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා බලපත් නිකුත් නොකළේ රටේ යහපැවැත්ම වෙනුවෙන් බව ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට ජාත්‍යන්තර නීතිඥ සංගමයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග ක්‍රියාවලියක් මගින් ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර නීතීඥ සංගමය විසින් මෙරටට එවීමට සැළසුම් කර තිබුණා. ජාත්‍යන්තර නීතීඥ සංගමය මගින් නම් කළ එම සිව්පුද්ගල නියෝජිත කණ්ඩායමට ඇතුළත් ඉන්දියාවේ හිටපු අගවිනිසුරු ජේ.එස්. වර්මා තමා ඉන් ඉවත් වන බව ප්‍රකාශ කළා. එහෙත් එය වීසා බලපත් අවලංගු කිරීමේ ප්‍රශ්නයක් මත සිදුවූවක් නොවන බවයි ඔහු හින්දු පුවත්පතට ප්‍රකාශ කළේ. ඔවුන් මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය සිකුරාදායි.



ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට නුවරඑළියට ජීවන් තොණ්ඩමන් (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 20:15

අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ඉදිරි... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1372 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:12

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිතයන්... Read More

මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1371 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 19:52

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයෙකු වාර්තාවීමත්... Read More