විදේශ සංක්‍රමණිකයන්ට තවමත් ප්‍රතිකාර.

Sunday, 03 February 2013 - 13:38

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB.

නැගෙනහිර මුහුදේ බෝට්ටුවක අතරමං වී සිටියදී නාවික හමුදාව මගින් බේරාගත් විදේශිකයන් පිරිස මේ වන විට ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා. ඔලූවිල් වරාය වෙත රැගෙන ආ ඔවුන්  138 දෙනෙකු අතුරින් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. එක් පුද්ගලයෙකු බෝට්ටුව තුළ දීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. රෝහල් ගත කළ පුද්ගලයන්ගේ තත්ත්වය පිළිබද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අක්කරෙයිපත්තුව රෝහලේ වෛද්‍ය අධිකාරී එම්. ටාසිම්.

[MP3]s52661[/MP3]

අක්කරෙයිපත්තුවට නාවික සැතපුම් 50ක් දුරින් වූ නැගෙනහිර මුහුදේ කුඩා යාත්‍රාවක් අනතුරුදායක ලෙස අතරමංව සිටි මෙම විදේශිකයන්ගෙන් බහුතරයක් බංග්ලාදේශ ජාතිකයන් වන අතර, මියන්මාර ජාතිකයන් ද ඒ අතර සිටි බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ප්‍රකාශ කළා. මෙම පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසියට භාර දී ඇති අතර, ඔවුන් පිළිබදව අදාළ රටවල තානාපති කාර්යාල ද දැනුවත් කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.



දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිහි කැදවීමක්
Tuesday, 02 June 2020 - 11:30

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙතෙක් ආයතන... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 415 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 11:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම් වැට් බද්දෙන් නිදහස්
Tuesday, 02 June 2020 - 11:16

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයින්... Read More