සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක බව එජාපය කියයි.

Sunday, 03 February 2013 - 18:54

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


එක්සත් ජාතික පක්ෂයේ දොරින් දොරට දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සියයට සීයක්ම සාර්ථක වූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඊයේ දිනයට වඩා අද දිනයේදී සාමාජිකයන් පක්ෂයට බඳවා ගැනීමට හැකියාව ලැබුණු බවයි. ඊයේ සහ  අද දිනය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ දොරින් දොරට සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලූ මන්ත්‍රීවරුන් පිරිසක් එක් වී තිබෙනවා. එහිදී විපක්ෂ නායකවරයා බද්දේගම, ඇල්පිටිය, ඌරගස්මංහන්දිය, උඩුගම සහ බලපිටිය යන ප්‍රදේශවල පක්ෂයේ ක්‍රියාකාරිකයින්ද හමුවූ බවයි වාර්තාවන්නේ. දොරින් දොරට වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන එම පක්ෂයේ  මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

[MP3]s52681[/MP3]
 
මේ අතර සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අතරතුර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂන රෝහලට ඇතුලත් කෙරුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහද අද පස්වරුවේ එක්වුණා. අද උදෑසන ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.