නැගෙනහිර මුහුදේ දී බේරාගත් විදේශිකයන් 137 රක්ෂිත බන්ධනාගාරයට.

Monday, 04 February 2013 - 7:19

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+137+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

නැගෙනහිර මුහුදේදී නාවික හමුදාව විසින් මුදා ගන්නා ලද කුඩා යාත්‍රාවක සිටි විදේශිකයන් 137 දෙනා මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ඒ ඊයේ සවස මෙම පිරිස අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මේ අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන  තිබෙනවා. මෙම පුද්ගලයන් හට විජලනය සහ කුසගින්න නිසා ශාරීරික වශයෙන් දුර්වලව සිටින බැවින් වහාම අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම ඔවුන් මැලේරියාව වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂණයන්ද සිදුකිරීමේ කටයුතු ඊයේ සිට ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.
 
අක්කරෙයිපත්තුවට නාවික සැතපුම් 50 ක් දුරින් නැගෙනහිර මුහුදේ කුඩා යාත්‍රාවක අනතුරුදායක ලෙස මෙම පිරිස අතරමංව සිටියදී ආරක්ෂක අංශ විසින් පෙරේදා රාත්‍රියේදී මුදාගත්තා. ඔලූවිල් වරාය වෙත රැගෙන ආ ඔවුන්  138 දෙනෙකු අතුරින් එක් අයෙකු මියගොස් තිබුණා. මියගිය පුද්ගලයා බංග්ලාදේශ ජාතිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කළේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින්. බේරාගත් පුද්ගලයින් අතරින් මියන්මාර් ජාතිකයන් 14 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයන් 123 දෙනෙකුද සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්තවී තිබෙනවා.... Read More

දෙමළ සන්ධානය යළිත් ආණ්ඩුව සමඟ, සාකච්ඡාවකට සැරසේ
Saturday, 30 May 2020 - 13:10

රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අවධානය... Read More

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අඛණ්ඩව - අගමැති මහනුවර දී කියයි  (වීඩියෝ)
Saturday, 30 May 2020 - 13:04

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක... Read More