65 වන ජාතික නිදහස් දින සැමරුම අදයි.

Monday, 04 February 2013 - 7:29

65+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

65 වන ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම සඳහා සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා. මෙවර නිදහස් දින උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ත්‍රිකුණාමලය නගරයේයි. ත්‍රිකුණාමලයේදී ජාතික නිදහස් දින උළෙලක් පැවැත්වෙන්නේ වසර 50 කට පසුව වීමද විශේෂත්වයක්. අසිරිමත් මව්බිමක්, ඉසුරුමත් හෙට දිනක් යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ජාතික දින උළෙල ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 4000 ක් සහභාගි වන ආචාර පෙළපාලියකින්ද වර්ණවත් වනු ඇති. ඒ සම්බන්ධයෙන් ඇති සූදානම පිළිබඳව දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා ත්‍රිකුණාමලයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කැළුම් වේරගල.

[MP3]s52697[/MP3]

ත්‍රිකුණාමලය -  ඕලන්ද බලකොටුව කේන්ද්‍ර කරගනිමින්  පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් අද දිනයේදී ද නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව මැග්සයිසේ ක්‍රීඩාංගණය සහ කොටුවට පිවිසෙන සියලූ මාර්ග තාවකාලිකව වසා තැබෙනවා.

කෙසේ වෙතත් අවසරපත් සහිත රථවාහනවලට පමණක් මාර්ග කිහිපයක් විවෘතව පවතින බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
 
මේ අතර අදට යෙදෙන ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් සිරකරුවන් 1100 කට ආසන්න පිරිසකට නිදහස ලබා දෙන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. සුළු වැරදි සහ දඩ ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගතවූවන්ටයි මෙලෙස නිදහස හිමිවන්නේ. ඊට අමතරව, රැඳවියන්ගේ ඥාතීන්ට අද දිනයේ ඔවුන්ව බැලීමට අවස්ථාව ලබා දෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More