මොරටුව හිමි නම ඝාතනයේ සැකකරුවන්ගේ මළ සිරුරු බණ්ඩාරගමින් හමුවේ.

Monday, 04 February 2013 - 12:38

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.


මොරටුව - එගොඩඋයන සුනන්ද, උපනන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වෙඩි වැදී මියගොස් සිටියදී  බණ්ඩාරගම - දැල්කඩ ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් අද (04) අලූයම සොයාගෙන තිබෙනවා. ඝාතනයට ලක්වූ විහාරාධිපති පූජ්‍ය මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ට සැකකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදියි. අනතුරුව උන්වහන්සේ පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ සැකකරුවන් දෙදෙනා එම   විහාරස්ථානයට අයත් ඉඩමක අනවරසයෙන් පදිංචිව සිට ඇති බවයි.  මේ සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ හිමිනම විසින් සිවිල් නඩුවක්ද අධිකරණයේ ගොනුකර තිබුනා. මීට අමතරව ඊයේ දිනයේදී උන්වහන්සේ විසින් මොරටුව පොලිස් ස්ථානයේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ගොනු කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි පැවසුවේ.

[MP3]s52716[/MP3]