එව, බලව. - ජනපති ජාත්‍යන්තරයට කියයි.

Monday, 04 February 2013 - 12:52

%E0%B6%91%E0%B7%80%2C+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ලැබූ නිදහස රැකගැනීම සඳහා නොබැදි ප්‍රතිපත්තිය පදනම් කරගනිමින් විදේශ ප්‍රතිපත්තිය සකස් කරගැනීමේ කාලය එළඹ ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ත්‍රිකුණාමලයේ පැවති 65 වන නිදහස් උළෙල අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. නිදහස ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංගමයේ සමානව හිඳ ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා බලවත් මෙන්ම දුබල රටවල්ද ජගත් සංවිධානයේ ප්‍රඥප්තිවලට ගරු කළ යුතු බවයි පෙන්වා දුන්නේ.

[MP3]s52718_1[/MP3]

විදේශ රටවල් මෙරටට එල්ල කරන අසත්‍ය ප්‍රචාරවලට දිය හැකි හොඳම පිළිතුර ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සංහිදියාව බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

[MP3]s52718_2[/MP3]
 
රට තුළ ජාති, ආගම් බේද ඇති කිරීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේද ඔවුන් රටේ බෙදුම්වාදය යළි ඇති කිරීමට උත්සාහ දරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

[MP3]s52718_3[/MP3]
 
මෙරට ලබාගත් නිදහස ආරක්ෂා කරගැනීමේ වගකීම ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද පවතින බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.
 
[MP3]s52718_4[/MP3]

අසිරිමත් මව්බිමක්, ඉසුරුමත් හෙට දිනක් යන තේමාව යටතේ 65 වන ජාතික නිදහස් දින උත්සවය ඉතා අභිමානවත් අයුරින් අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නගරයේදී පැවැත්වුණේ වසර 60 කට පසුවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජාතික ධජය එසවීමත් සමග මෙවර නිදහස් සැමරුම් උත්සවය ආරම්භ වූ අතර එහිදී රටේ උස් නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ දේශප්‍රේමීන් සිහිපත් කරමින් විනාඩි 2 ක නිහඩතාවයක්ද ආරක්ෂා කරනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 පැවැත්වූ අතර ආරක්ෂක හමුදා සාමාජිකයන් 4000 කගේ පමණ සහභාගීත්වයෙන් ආචාර පෙළපාලියක්ද පැවැත්වුණා. ඊට සියලූ ජාතීන් නියෝජනය වන සංස්කෘතික අංගයන්ද එක්කර තිබීම විශේෂත්වයක්.

ත්‍රිකුණාමලයේ පැවති නිදහස් දින උත්සවය දැකබලාගැනීම සඳහා විශාල පිරිසක් එම උත්සව භූමියට පැමිණ සිටියා. 65 වන ජාතික නිදහස් දින උත්සවයේ කටයුතු සිදුවූ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන ත්‍රිකුණාමලයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කැළුම් වේරගල.

[MP3]s52718_5[/MP3]