ජනපතිගේ ඉන්දීය චාරිකාවට තමිල්නාඩු හින්දු නායකයාගේ සහාය.

Monday, 04 February 2013 - 19:07

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA.


 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එළඹෙන ඉන්දීය චාරිකාවේ දී විරෝධතාවලින් වැළකී සිටිය යුතු බව තමිල්නාඩුවේ හින්දු මුන්නානි නායක රාමා ගෝපාලන් පවසනවා. හින්දු මුන්නානි සංවිධානය හින්¥න්ගේ අයිතීන් වෙනුවෙන් තමිල්නාඩුවේ සිට ක්‍රියාත්මක වන්නක්. මීට පෙර ඔවුන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව තමිල්නාඩුවේ විරෝධතා පවත්වා තිබෙනවා. එහෙත් හින්දු මුන්නානි නායක රාමා ගෝපාලන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා තමිල්නාඩුවේ තිරුපති වෙත පැමිණෙන්නේ ආගමික චාරිකාවක් ලෙස බවයි. මීට පෙර තමිල්නාඩුවේ වේලන්කන්නි සිද්ධස්ථානය වෙත ගිය ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් වෙත ප්‍රහාරයක් එල්ල වීම පිළිබදව ද රාමා ගෝපාලන් මෙහිදී සිහිපත් කළා. එම සිද්ධිය ඉන්දීය දේශපාලනඥයන් දැඩි ලෙස හෙළා දකිනු ලැබුවා. මේ නිසා ශ්‍රී ලංකා නායකයාගේ තිරුපති චාරිකාවට කිසිදු බාධාවක් සිදුනොවිය යුතු බවයි හින්දු මුන්නානි නායක රාමා ගෝපාලන් සඳහන් කළේ.