ඊ.පී.ඞී.පී. මන්ත්‍රීගේ ජිප් රිය මාන්කුලමේ දී පෙරළේ.

Tuesday, 05 February 2013 - 8:01

%E0%B6%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%9E%E0%B7%93.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A.


මාන්කුලම - කෙලවම්කුලම 232  සැතපුම් කණුව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් යාපනය දිස්ත්‍රික් ඊ.පී.ඞී.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වෙස්ත්‍රි ඇලන්ටීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (04) සවස 5.30ට පමණ මන්ත්‍රීවරයා සහ පවුලේ සාමාජිකයන් රැගත් ජීප් රථය යාපනයේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබියදී වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඔහුගේ පුතා සහ දියණියත්, ආරක්ෂක නිලධාරියෙකුත් මේ වන විට කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.



නිරෝධායනය අවසන් කළ තවත් 58ක් අද පිට වේ
Monday, 01 June 2020 - 8:22

ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන... Read More

ඊයේ ආසාදිතයන් 13 ක් - මෙරට කොරෝනා රෝගීන් 1,633 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 7:50

ඊයේ දිනයේ නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින්... Read More

කසළ තේ කිලෝ 17,643ක් අල්ලයි
Monday, 01 June 2020 - 7:42

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය... Read More