එජාපයේ නියෝජ්‍ය නායක වෙනුවට දෙවන නායකත්ව මණ්ඩලයක්.

Tuesday, 05 February 2013 - 8:03

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



එක්සත් ජාතික පක්ෂයේ නව දෙවන පෙළ නායක කණ්ඩායමක් නිර්මාණය කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. පක්ෂයේ ඉදිරි අනාගතය වෙනුවෙන් මෙම දෙවන පෙළ කණ්ඩායම නිර්මාණය කිරීමටයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත්තේ. ඒ අනුව එම දෙවන පෙළ කණ්ඩායමට පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙය වීමේ වගකීම ලබාදෙනු ඇති. එමෙන්ම ඔවුන්ගෙන් සාර්ථකත්වයට පත්වන අයෙකුට පක්ෂ නියෝජ්‍ය නායකත්වය ඉදිරියේ දී ලබාදීමටයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග ඊයේ (04) පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා යෝජනා කර ඇත්තේ. එතෙක් පක්ෂයේ නියෝජ්‍ය නායකයා පත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම නව දෙවන පෙළ නායක කණ්ඩායමට ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, පී. හැරිසන්, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළත් වනවා.

 
මේ අතර, පසුගිය දා පැවැති එක්සත් ජාතික පක්ෂ දොරින් දොරට සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි නොවූ සහ සිය දායකත්වය නිසියාකාරයෙන් නොදැක්වූ මන්ත්‍රීවරුන් පිළිබදව සොයා බැලීමට විපක්ෂ නායකවරයා තීරණය කර තිබෙනවා. පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක වෙත විපක්ෂ නායකවරයා උපදෙස් ලබා දී ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසයි.