කරුණානිධි යළි ශ්‍රී ලංකාවට එරෙහි වෙයි. - සෝනියා ගාන්ධිගෙන් පිළිතුරු.

Tuesday, 05 February 2013 - 8:04

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.



තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධිගේ දෙමළ ඊළාම් සහයෝගීතා සංවිධානය නොහොත් ටෙසෝ සංවිධානය නැවතත් ශ්‍රී ලංකාව පිළිබද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. චෙන්නායි නුවර පැවැති දෙවැනි ටෙසෝ සමුළුවේ දී ඔවුන් මෙම යෝජනා සම්මත කරගෙන ඇත්තේ. ජිනිවා මානව හිම්කම් මණ්ඩල සැසි වාරයේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි විය යුතු බව ඉන් එක් යෝජනාවක්. මෙරට දෙමළ ජනතාව තවදුරටත් පීඩාවට ලක්වන බව පවසන කරුණානිධිගේ ටෙසෝ සංවිධානය ශ්‍රී ලංකාවට බලපෑම් සිදුකරන ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කරනවා.

 
මේ අතර කරුණානිධි විසින් තමන් වෙත එවන ලද ලිපියකට සෝනියා ගාන්ධි ඊයේ පිළිතුරු යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණානිධි යොමු කළ ප්‍රශ්න වලටයි කොංග්‍රස් නායිකාව මෙහිදී පිළිතුරු දී ඇත්තේ. එහිදී ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළු පිළිබදව තමන් අවබෝධයෙන් සිටින බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පිළිබද කටයුතු කරන්නේ ඉන්දීය විදේශ අමාත්‍යාංශය හරහා බව ඇය කරුණානිධි වෙත දන්වා තිබෙනවා.



පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More

කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More

කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන අධිකරණ නියෝගයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:09

මද්දකට හසු වී තුවාල ලබා උඩවලව ඇත් අතුරු සෙවණේ පිහිටි පශු වෛද්‍ය... Read More