හිමි නම ඝාතනයේ සැකකාර නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඞ්.

Tuesday, 05 February 2013 - 18:38

%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

මොරටුව - එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති හිමි නම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ පොලීසිය, සැකකාර නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ පොලිස් කැරළි මර්දන ඒකකය මගින් අධිකරණය අවට ආරක්ෂාව තර කර තිබුණා.

 

එගොඩ උයන සුනන්දෝපනන්ද විහාරාධිපති පූජ්‍ය මිටිගහතැන්නේ විමලවංශ හිමියන් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළේ පෙරේදා රාත්‍රියේයි. ඒ සම්බන්ධයෙන් වන ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුගේ වෙඩි තබා ඝාතනය කරන ලද සිරුරු ඊයේ අලූයම බණ්ඩාරගම - දැල්කඩ ප්‍රදේශයේදී සොයාගත්තා.

 
ඝාතනයට ලක්වූ මොරටුව - එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා පස්වරුවේ මොරටුව සුනන්දෝපනන්ද නවෝද්‍යා විද්‍යාල භූමියේදී සිදුකිරීමට නියමිතයි.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More