‘‘මරන්න, නැත්නම්, නිදහස් කරන්න’’ බෝගම්බර විරෝධය අවසන්.

Tuesday, 05 February 2013 - 18:44

%E2%80%98%E2%80%98%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E2%80%99%E2%80%99+%E0%B6%B6%E0%B7%9D%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

‘‘මරණ දඩුවම ලබාදෙන්න, නැතහොත් නිදහස් කරන්න’’ යන ඉල්ලීම කරමින් මරණ දඩුවම නියමවූ සිරකරුවන් තුන්දෙනෙකු බෝගම්බර බන්ධනාගාර වහලය මත පැවැත්වූ විරෝධය අවසන් කර තිබෙනවා. ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළේ අද (05) පෙරවරුවේයි.

 

මෙම රැඳවියන් තුන්දෙනා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව මරණ දඩුවම නියමවූ නැගෙනහිර පළාතේ පදිංචිකරුවන්. මොවුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරී තිස්ස ජයසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී පැහැදිළි කර දී ඇත්තේ සිරකරුවෙකුට උසාවිය මගින් මරණ ද`ඩුවම නියම කළද එය ක්‍රියාත්මක කළ හැක්කේ ජනාධිපතිවරයාගේ අවසරය මත බවයි.

 

බෝගම්බර බන්ධනාගාරයේ වහලය මත අද ක්‍රියාත්මක වූ විරෝධතාවය පිළිබඳ විස්තරයක් ගෙන එන මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක.

 
[MP3]s52806[/MP3]                

 

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නියමවූ රැඳවියන් රඳවා සිටින්නේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සහ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ පමණයි. වැලිකඩ බන්ධනාගාරය තුළ පමණක් සිටින මරණ දඩුවම නියමවූ සිරකරුවන් සංඛ්‍යාව 241. බෝගම්බර බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවූ සිරකරුවන් 118 ක් රඳවා සිටිනවා.

 

 

මෙරට අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 ජූනි 23 වැනිදායි. ඉන් පසු දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මරණ දඩුවම ලබාදී ඇතත් එය ක්‍රියාත්මක නොවී එම වැරදිකරුවන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කෙරෙනවා. ජනාධිපතිවරයාගේ අනුමැතිය නොමැතිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ඊට හේතුවයි.

 

වැලිකඩ බන්ධනාගාරයේ අලූගෝසු තනතුර ඉසිලූ පුද්ගලයාට මෑතකදී උසස්වීමක් ලැබුණු අතර ඔහු එම බන්ධනාගාරයේම නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා. එම නිසා පුරප්පාඩු වූ අලූගෝසු තනතුරට වෙනත් දෙදෙනෙකු බඳවාගෙන සිටින බවයි වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේ. ඔවුන්ට මේ වනවිට පුහුණුවක්ද ලබාදී තිබෙනවා.



ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල
Saturday, 30 May 2020 - 16:03

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද... Read More

බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 375ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 15:59

ඊයේ පෙරවරු 6යේ සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1559 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 15:36

තවත් කොරෝනා වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන්... Read More