මාතලේ සමූහ මිනීවලේ ඇට කටු ඇමරිකාවට.

Tuesday, 05 February 2013 - 18:48

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%9A+%E0%B6%87%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

මාතලේ මහ රෝහල් භූමියෙන් සොයාගත් සමූහ මිනී වලෙන් හමුවූ අස්ථි කොටස් පරීක්ෂණ සඳහා ඇමරිකාව වෙත යැවීමට අධිකරණයේ අවසරය හිමිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන කැළණිය සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මේ බව අනාවරණය කළා.

 

[MP3]s52807_1[/MP3]                        

 

ජනතා විමුක්ති පෙරමුණද මෙම සමූහ මිනීවල පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටිනවා. මීට පෙර ඔවුන් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා. එම පෙරමුණ මාතලේ සමූහ මිනීවල පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අද මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙම සමූහ මිනීවල 1987-89 කාල වකවානුවට අයත් බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි.

 

[MP3]s52807_2[/MP3]                          

 

මාතලේ සමූහ මිනීවලේ අස්ථි කොටස් එතරම්ම පැරණි ඒවා නොවන බව මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරද්දී ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මේවා 1987 - 89 කාල වකවානුවට අයත් බවයි. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ මෙම අස්ථි කැබලි ඉපැරණි ඒවා බවයි.

 

[MP3]s52807_3[/MP3]                           

 
මාතලේ රෝහලේ මුළුතැන් ගෙය අසල ජීව වායු ඒකකය ඉදිකිරීම සඳහා කැණීම් ආරම්භ කළේ පසුගිය වසරේ නොවැම්බර් 23 වැනිදායි. එහිදී මිනිස් සිරුරක යැයි සිතිය හැකි අස්ථි කොටස් හමුවුණා. එක්තරා අවස්ථාවකදී අස්ථි කොටස්වලට අමතරව අඟුරු කැබලිද සොයාගත් අතර ඒවා කාබන් පරීක්ෂාවකට යොමු කළා. පසුගිය වසරේ දෙසැම්බර් 02 වැනිදා සිට මෙම පරීක්ෂණවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද සම්බන්ධ වුණා. මේ වනවිට කළ කැණීම්වලදී හිස් කබල් සහිත අස්ථි කොටස් 124 ක් සහ හිස් කබල් රහිත අස්ථි කොටස් 13 ක් සොයාගෙන තිබෙනවා.



බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 66,97,000 ඉක්මවයි
Friday, 05 June 2020 - 8:14

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 6697,000 ඉක්මවා... Read More

අද, ඡායා චන්ද්‍රග්‍රහණයක්
Friday, 05 June 2020 - 8:04

අද පොසොන් පුර පසළොස්වක පොහොය දා ඡායා චන්ද්‍රග්‍රහණයක් ලොව... Read More