ශ්‍රී ලංකාවට එරෙහිවීමට බ්‍රිතාන්‍යයත් තීරණය කරයි.

Wednesday, 06 February 2013 - 8:26

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ලබන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවලියට සහය ලබාදෙන බව බ්‍රිතාන්‍ය පවසනවා. එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ දකුණු ආසියාව භාර අමාත්‍ය ඇලිස්ටෙයා බර්ට් මේ බව සඳහන් කළේ ටුවිටර් වෙබ් අඩවිය හරහා හිරු ප්‍රවෘත්ති අංශය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්. එහිදී මීළඟ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත ඇමරිකානු යෝජනාවට සහය ලබාදෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලා. ශ්‍රී ලංකාව ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී යම් ප්‍රගතියක් ලබා තිබුණත් නිවැරදි ඉලක්ක සපුරා නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.  

මීට අමතරව මෙම සංවාදයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ද අවධානය යොමුවී තිබෙනවා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම සමුළුවට බ්‍රිතාන්‍ය සහභාගීත්වය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.