මොරටුව හිමි නම ඝාතනයේ තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට.

Wednesday, 06 February 2013 - 8:27

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

මොරටුව - එගොඩඋයන - සුනන්ද උපනන්ද විහාරස්ථානයේ විහාරාධපති හිමිනම ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (05) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කළුතර - උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු සහ මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කෙරෙනු ඇති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පසුගිය 04 වන දා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර සැකකරු ඊයේ (05) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.  

මොරටුව එගොඩඋයන සුනන්ද උපනන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමි පූජ්‍ය මිටිගහතැන්නේ විමලවංශ හිමියන් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය 03 වන දා රාත්‍රියේදියි. අනතුරුව සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී ඔවුන්ගේ මළ සිරුරු ඊට පසුදින අලූයම බණ්ඩාරගම - දැල්කඩ ප්‍රදේශයේ දී සොයා ගනු ලැබුවා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More