ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීමේ නව පනතක්.

Wednesday, 06 February 2013 - 13:06

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.


ත්‍රස්තවාදියෙකුට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට කිසිදු ආකාරයකින් මුදල් හෝ භාණ්ඩ සැපයීම තහනම් කෙරෙන නීති ඇතුළත් ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පනත මගින් විදේශයන්හි සිට ත්‍රස්තවාදය නැවත පණ ගැන්වීමට උත්සාහ දරන පිරිස් මුදල් හා භාණ්ඩ සැපයීම සපුරා තහනම් කෙරෙන බවයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ.

[MP3]s52852_1[/MP3]
  
මෙම නව පනතට සහයෝගය දැක්වීමට තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.

 [MP3]s52852_2[/MP3]

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ ආධාර එක්රැස් කිරීම වැළැක්වීම සඳහා පනතක් ගෙන ඒම කාලෝචිත වූවද, ඊට පෙර ත්‍රස්තවාදීන් සතුව තිබූ වත්කම්වලට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකළ යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ.

[MP3]s52852_3[/MP3]
  

පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ පැවසුවේ මේ සම්බන්ධයෙන් සිය පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී තීරණයක් ගැනීමට නියමිත බවයි.



වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:15

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ... Read More

උඩවලව - දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:12

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු... Read More