අගවිනිසුරුට එරෙහි පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවට.

Wednesday, 06 February 2013 - 18:37

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

නව අගවිනිසුරුවරයා ලෙස මොහාන් පීරිස් පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. මෙම පෙත්සම ශිරාණි තිලකවර්ධන, ප්‍රියසාද් ඩෙප් සහ එස්.අයි. ඉමාම් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි අද කැඳවනු ලැබුවේ. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ අධිකරණයේ ශ්‍රේෂ්ඨත්වය සහ ගෞරවය ආරක්ෂා කරමින් මෙම නඩුව විභාග කළ යුතු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 වගන්තියට අනුකූලව කටයුතු කළයුතු බවයි. එමෙන්ම මේ වනවිට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන මොහාන් පීරිස් මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු බැවින් ඔහු සම්බන්ධ කර නොගන්නා විනිසුරු මඩුල්ලක් විසින් මෙහි කටයුතු මෙහෙයවීම වඩා සුදුසු බව පැමිණිල්ලේ නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ සඳහා විනිසුරුවරුන් පත් කිරීමට බලය ඇත්තේ අගවිනිසුරුවරයාට පමණක් බවයි. ඒ අනුව මෙම පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාට දැනුම් දෙන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා. මෙම පෙත්සම මාර්තු මස 5 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

නඩු විභාගය පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්.
 
[MP3]s52865[/MP3]