මුස්ලිම් කාන්තා වෙස් ගත් කපිතාන්ගේ කුරුමානම වරදී.

Wednesday, 06 February 2013 - 18:40

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.


 
මහනුවර - කටුගස්තොට මාර්ගයේ පිහිටි රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි හමුදා කපිතාන්වරයෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. අද දහවල් මුස්ලිම් ජාතික කාන්තාවක් ලෙස වෙස්වලාගෙන පැමිණි ඔහු පිලිබඳ සැක සිතී බැංකුවේ ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබූ අතර සැකකරු සතුව තිබී නවීන වර්ගයේ ගිනි අවියක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. කොත්මලේ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන මෙම සැකකරු නිවාඩු ලබාගෙන පැමිණ සිටියදියි මෙලෙස බැංකු කොල්ලයට සූදානම් වී ඇත්තේ.