වැඩිපුර සිසුන් සරසවියට ගන්නවාද? සළකා බැලීම හෙට.

Wednesday, 06 February 2013 - 18:46

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%3F+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.

2011 - 2012 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් 5609 දෙනෙකු වැඩිපුර තෝරා ගැනීමේදී ප්‍රායෝගික ගැටලූ මතුව ඇති බවට පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ගොනුකළ මෝසම සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හෙට (06) දක්වා කල් තබනු ලැබුවා. අද මෙම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමෙන් පසුවයි මෙලෙස කල් දමා ඇත්තේ.

2012 සැප්තැම්බර් මස 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්  නියෝගයකට අනුව ඒ ඒ පාඨමාලා සඳහා ප්‍රායෝගික සහ යෝග්‍යතා පරීක්ෂණ පවත්වන ලෙස උසස් අධ්‍යාපන ආයතනවලට උපදෙස් ලබාදුන් අතර සාමාර්ථ ලකුණු ලැබූ සිසුන්ගේ නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලැබී තිබුණා. ඒ අනුව සරසවිවලට ඇතුලූවීමට සුදුසුකම් ලබන ලකුණු සංඛ්‍යාව ලැබූ සිසුන් ඇතැම් දිස්ත්‍රික්කවල නොමැති බවත් මේ නිසා ඇතැම් පාඨමාලාවන් සඳහා ඇතුලත් කරගැනීමට එකඟ වූ සිසුන් සංඛ්‍යාවක් තේරී නොමැති බවත් ප්‍රතිපාදන කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දුන්නා. එම අවස්ථාවේදී පියවර දෙකක් ගතහැකියි. නියම කළ ලකුණු සංඛ්‍යාව නොලැබුණු දිස්ත්‍රික්කවලින් ළමයින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමෙන් වැළකීම සහ එම අඩුව පිරවීම සදහා අනෙකුත් දිස්ත්‍රික්කවල සාමාර්ථ ලකුණු ලැබූ සිසුන් එම පාඨමාලා හැදැරීම සඳහා ඇතුළත් කරගැනීම මෙම පියවරයන් දෙකයි. මින් දෙවැනි යෝජනාව වඩාත් ප්‍රායෝගික බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් පෙන්වා දී තිබුණා.

2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් සිසුන් පිරිසක් ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් පසුවයි අමතර සිසුන් 5609 දෙනෙකු විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවේ.

කෙසේ වෙතත් අද දිනයේ මෙම පෙත්සම් ගොනුකල සිසුන් කිහිපදෙනෙක්ද අධිකරණ භූමියට පැමිණ සිටියා. ඔවුන් එහිදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූයේ මෙලෙසයි.

[MP3]s52867_1[/MP3]

මේ අතර අමතර සිසුන් 5609 ක් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කප්පාදු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව පවසමින් අදත් විශ්වවිද්‍යාල ඉදිරිපිට සිසු විරෝධතා පැවැත්වුණා. සබරගමුව මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ එවැනි විරෝධතාවයක් අද එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති අතර එහිදී අදහස් දැක්වූ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.එල්.ඞී.ඞී.එස්. කුමාර.

[MP3]s52867_2[/MP3]                                           

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන්ද ඊයේ මිහින්තලේ නගරයේදී මෙවැනිම විරෝධතාවයක් පැවැත්වූයේ මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන්ගේ ප්‍රමාණය අඩුකිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කරන බව පවසමින්. එහිදී අදහස් දැක්වූ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ ඉසුරු බණ්ඩාර.

[MP3]s52867_3[/MP3]                          

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය හෙට දිනයේදී තීන්දුවක් ලබාදුනහොත් ලබන මාර්තු අග වනවිට 2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් සිසුන් බඳවාගැනීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කළා. ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම.
 
[MP3]s52867_4[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More