පාසලේ තීන්ත ගෑමට පොල් ගෙඩි 8 ක් සොරකම් කළ සිසුවියකට 50, 000 ක ශරීර ඇපයක්.

Thursday, 07 February 2013 - 7:46

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+50%2C+000+%E0%B6%9A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%87%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


 
පාසලේ තීන්ත ගෑම සඳහා රැගෙන එන්නැයි පවසා තිබූ මුදල් නොමැතිකම හේතුවෙන්  අසල වත්තකින් පොල් ගෙඩි 8 ක් සොරකම් කළ පාසල් සිසුවියකට අධිකරණයෙන් ඇප ලබාදීමේ සිද්ධියක් හොරණ ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා. 13 හැවිරිදි මෙම සිසුවියට පාසලේ තීන්ත ගෑම සඳහා රුපියල් 800 ක මුදලක් රැගෙන එන ලෙසයි  පාසලෙන් උපදෙස් දී ඇත්තේ. ඒ සඳහා වත්කමක් නොමැතිවීම හේතුවෙන් එම සිසුවිය හොරණ - අරඹනාගොල්ල ප්‍රදේශයේ නිවස අසල වත්තකින් පොල් ගෙඩි 8 ක් සොරකම් කර තිබෙනවා. මේ පිළිබඳව අදාළ වත්තේ හිමිකරුවන් පොලීසියට කළ දැනුම්දීමකට අනුව ඇය අත්අඩංගුවට ගැනුනා. සිය නීතීඥවරුන් මාර්ගයෙන් ඇය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මුදල් නොමැතිකම හේතුවෙන් තමන් අදාළ වත්තෙන්  පොල් ගෙඩි 8 ක් අහුලාගත් බවයි. ඉන් අනතුරුව ඇය රුපියල් 50 000 ශරීර ඇප මත මුදා හැරීමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. සිද්ධියට අදාළ වැඩිදුර විභාගය මේ මස 22 වැනිදාට කල් තබනු ලැබුවා.