වසරකට භූ කම්පන 10 ක්.

Thursday, 07 February 2013 - 12:44

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+10+%E0%B6%9A%E0%B7%8A.

විවිධ කාලසීමාවන් තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන සුළු භූ චලන සම්බන්ධයෙන් දීර්ඝ කාලීන පරීක්ෂණයක් සිදුකිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර තිබෙනවා. පසුගිය කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙවැනි සුළු භූ කම්පන වාර්තාවුණා. ඒ අම්පාර, බදුල්ල, ගම්පොල වැනි ප්‍රදේශවලින්. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාශයේ සභාපති එන්.පී. විජයානන්ද සඳහන් කළේ සාමාන්‍යයෙන් එක් වසරක් තුළ මෙවැනි සුළු භූ කම්පන 10 ක් 12 ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බවයි.

 

මෙම පරීක්ෂණය සිදුකිරීම සඳහා අම්පාර ප්‍රදේශයේ පසුගිය කාලසීමාව තුළ ඇතිවූ භූ කම්පන පදනම් කරගැනීමටද භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂඥ පරීක්ෂණ කණ්ඩායමක් අද අම්පාර ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිතයි.

 
[MP3]s52911[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More