රත්නපුරයේ මොලේ උණ පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක්.

Thursday, 07 February 2013 - 12:47

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැතිර යන මොලේ උණ නැතහොත් ජපන් නිදි කර්පදාහය හෙවත් ජැපනීස් එන්සපලයිටීස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ පශු වෛද්‍ය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ඇතුලූ පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයට ගොස් තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අතුල දන්ගල්ල ෂා ප්‍රවෘත්ති අංශයට සඳහන් කලේ අද දිනයේදී මීට අදාළ විශේෂ සාකච්ඡාවක්ද රත්නපුර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.

 

ජපන් නිදි කර්පදාහය හෙවත් ජැපනීස් එන්සපලයිටීස්  රෝගය වැළඳීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. රෝගය වැළඳුණු පුද්ගලයින් 43 දෙනෙකු පසුගිය මාස 2 ක කාලය තුළ වාර්තාවී ඇති බවයි වෛද්‍ය අතුල දන්ගල්ල කියා සිටියේ. මෙම රෝගී තත්ත්වය පතුරුවලන මුල් රෝග කාරකයා වන්නේ ඌරන්. ඉන් අනතුරුව මදුරුවන් හරහා මෙය මිනිසුන්ට බෝවන බවයි අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.

 

මේ හේතුව නිසා මෙම රෝගී තත්ත්වය මර්දනය කිරීම සඳහා කුඩා ළමුන් හට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්ද අද සිට ආරම්භ වනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අතුල දන්ගල්ල.

 

[MP3]s52912_1[/MP3]

 

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින ඌරු කොටු පරීක්ෂා කර එන්නත් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද අද සිට ආරම්භ වන බවයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

[MP3]s52912_2[/MP3]