ජනපතිගේ ඉන්දීය සංචාරයට එරෙහි වූ 22 ක් අත්අඩංගුවට.

Thursday, 07 February 2013 - 19:06

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96+22+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළකරමින් උද්ඝෝෂණය කළ පුද්ගලයින් 22 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ පුදුච්චේරී දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණය කළ පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගැනුණා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය අත්හිටුවන ලෙස ඉන්දීය මධ්‍යම රජයට බලකරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා හෙට (08) දිනයේ තමිල්නාඩුවේ තිරුපති හි සංචාරයකට එක්වන්නේ ආගමික චාරිකාවක් ලෙසයි. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳව තමිල්නාඩුවේ හින්දු මුන්නානි නායක රාමා ගෝපාලන් මීට පෙර අදහස් දක්වා තිබුණා. ඔහු ප්‍රකාශ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එළැඹෙන ඉන්දීය චාරිකාවේදී විරෝධතාවලින් වැළකී සිටිය යුතු බවයි. හින්දු මුන්නානි සංවිධානය, හින්දූන්ගේ අයිතීන් වෙනුවෙන් තමිල්නාඩුවේ සිට ක්‍රියාත්මක වන්නක්.



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More