සෝමවංශ සාක්ෂි කූඩුවේ, වීරවංශ උසාවියේ.

Thursday, 07 February 2013 - 19:15

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%2C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් රචනා කරන ලද නැත්ත වෙනුවට ඇත්ත කෘතිය සම්බන්ධයෙන් නඩු විභාගය කොළඹ වාණිජ මහාධිකරණයේදී අද (07) පැවැත්වුණා. මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ සාක්ෂි ලබාදුන් අතර, පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ අධිකරණයේ පෙනී සිටියා.  

අමාත්‍ය විමල් වීරවංශ රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතියේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී එහි මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට ලක්වු විවිධ ලියවිලි අඩංගු වී තිබුණා. එම ඇතැම් ලියකියවිලි අනවසරයෙන් උපුටාගෙන කෘතියේ පළ කිරීම බුද්ධිමය දේපළ පනතට අනුව වංචාවක් බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ. පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වායී. ඒ අනුව මෙම කෘතිය නැවත ප්‍රකාශනය, බෙදාහැරීම හා අලෙවිය වළක්වාලමින් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණා.

මෙම නඩුව ගොනුකළ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහගෙන් විත්තියේ නීතිඥ ගෝමින් දයා ශ්‍රී විසින් අද හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. එහිදී 1988 / 1989 වසරවල දකුණේ ඇතිවු අර්බුදකාරී තත්ත්වය සිවිල් යුද්ධයක් ලෙසයි ජනතා විමුක්ති පෙරමුණු නායකයා හඳුන්වා දී ඇත්තේ. එහි පාර්ශවකරුවෙකු බවට ජනතා විමුක්ති පෙරමුණ ද පත්වු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එම කාලය තුළ පාලකයන් රට තුළ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි සෝමවංශ අමරසිංහ විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ. සිවිල් යුද්ධයක් යනු සාදයක් නොවන බවත්, එහිදී ආයුධ භාවිත කිරීම සිදුවන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 88 / 89 වකවානුවේ ප්‍රභූන් ඝාතනයට ලක්වූයේ දැයි විත්තියේ නීතිඥවරයා ජනතා විමුක්ති පෙරමුණු නායකවරයාගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ සිවිල් යුද්ධයක් අවස්ථාවේදී ඝාතනයට ලක්වු ජනතාව අතර ප්‍රභූන්ද සිටිය හැකි බවයි.

2005 ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට එක් නොවී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබූ බව සෝමවංශ අමරසිංහ ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවේදී තමා ඊට සහභාගී වූ බවත් එහිදී දිවුරුම් දුන් අමාත්‍යවරුන් දෙස බැලීමේදී ආණ්ඩුවට එක්වූයේ නම් වඩාත් යහපත් බව තමා එහිදී තීරණය කළ බව ඔහු මෙහිදී කියා සිටියා. තමාගේ එම සිතුවිල්ල පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පරාජයට පත්වූ බවයි ජනතා විමුක්ති පෙරමුණු නායකයා විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් කියා සිටියේ. මෙම නඩුව මැයි මස 20 වැනිදා යළි කැඳවනු ඇති.

අද (07) නඩු විභාගය අවසන්වීමෙන් පසු ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවා.

[MP3]s52940[/MP3]



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More