ජනපති ඉන්දියාවට - විරෝධතාකරුවන් තවත් 80 ක් අත්අඩංගුවට.

Friday, 08 February 2013 - 13:00

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+-+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+80+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


චෙන්නායි හි පිහිටි ලංකා බැංකු ශාඛාවට ඊයේ (07)පස්වරුවේ එල්ල කරනු ලැබූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකු ප්‍රාන්ත පොලිසිය විසින් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
[MP3]s52985_1[/MP3]

ඉන්දීය වේලාවෙන් ඊයේ (07)පස්වරු 1.30 ට පමණ චෙන්නායි නුවර, කාසා පාරේ, ජාරට් උද්‍යානයේ පිහිටි ලංකා බැංකු කාර්යාලය වෙත ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් 12 දෙනෙකු පමණ මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සිද්ධියෙන් බැංකුවේ සේවකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලැබුවා. සිද්ධියෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ චෙන්නායි හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළ බවයි.


මේ අතර, දෙදින නිල සංචාරයක් සඳහා අද (08) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධගයාවේ ගයා ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් විසින්. මහා බෝධි සංගමයෙන් ලද ආරාධනාවක් පරිදි එහි විවෘත කිරීම් රැසක් සඳහා ජනාධිපතිවරයා අද (08) දිනයේ සහභාගීවීමට නියමිතයි. ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර බුද්ධගයාව මෙන්ම මහාබෝධී විහාරස්ථානයද වැඳපුදා ගැනීමට නියමිත අතර, එහිදී විශේෂ ආශීර්වාද බෝධි පූජාවක්ද මහාබෝධී විහාරස්ථානයේ පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් බුද්ධගයාවේ වැඩ සිටින අතර, ඒ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුකරනු ඇති. මහා බෝධී සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම, බුද්ධගයා විශ්‍රාම ශාලාවට මුල්ගල තැබීම ජනාධිපතිවරයාගේ සංචාරයේදී සිදුවන තවත් කටයුතු කිහිපයක්. බුද්ධගයාවේ ඉදිකර ඇති විවිධ බෞද්ධ රටවලට අයත් විහාරස්ථානවල මහා නායක හිමිවරු බැහැ දැකීමද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී සිදුකිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සහ බෞද්ධ හා අන්‍යාගමික නායකයන් අතර සුහද හමුවක්ද මහාබෝධී සංගමය විසින් සංවිධාන කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් දකුණු ඉන්දියාව පුරා           මේ වනවිට විරෝධතා පැවැත්වෙනවා.  ඕසූර් ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණවලට එක්වු පුද්ගලයින් 80 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ඊයේ දිනයේද පුදුච්චේරී දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයේ නිරත වූ      විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

rn


ජනාධිපතිවරයාගේ සංචාරයට විරෝධය පළ කරමින් පුදුකෝට්ටෙයි අධිකරණ නීතිඥවරුන් ඊයේ සිට විරෝධතාවයක නිරත වනවා. ඊට අමතරව ඞී.එම්.කේ. පක්ෂයේ භාණ්ඩාගාරික ස්ටාලින්ගේ මැදිහත්වීමෙන් චෙන්නායි - නූන්ගම්පාක්කම් ප්‍රදේශයේ විරෝධතාවයක් ආරම්භ කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ වනවිට ඉන්දියාවට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළා.
 
[MP3]s52985_2[/MP3]



නිධන් හොරුන්ගේ පාරාදීසයක් වූ වනාත විල්ලුවේ පුද බිම (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:53

බලධාරීන්ගේ අවධානය නිසි කලට යොමු නොවීම නිසා ඝණ කැලෑවකින් වැසී... Read More

එජාප අර්බුදය ගැන අදත් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:42

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ... Read More

මහා මැතිවරණය ගැන අදහස්  (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:38

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More