පාසලේ අයථා ලෙස මුදල් එකතු කළහොත් වැඩ තහනම්.

Friday, 08 February 2013 - 18:45

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

පාසල් තුළ අයථා ලෙස මුදල් එකතු කරන පුද්ගලයන් මූලික පරීක්ෂණයකින් පසු වැඩ තහනමකට ලක් කර පසුව ඔවුන්ට ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වනවා. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ සති දෙකක් තුළ ඊට අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කරන බවයි.

 

මේ පිළිබදව බලධාරීන්ගේ අවදානය යොමු වන්නේ පොල්ගෙඩි 08 ක් සොරකම් කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ හොරණ මේධංකර මධ්‍ය මහා විද්‍යාලයේ 13 හැවිරිදි දැරියගේ සිද්ධියත් සමගයි. අදාළ පුවත පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය අද (08) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් සියලූ තතු අනාවරණය කළා. පාසලේ පන්ති කාමරයේ තීන්ත ආලේප කිරීම සදහා රුපියල් 800ක මුදලක් ගෙන එන ලෙස ලැබුණු දැනුම්දීමට අනුවයි එම මුදල සොයා ගැනීමට මෙම දැරිය පසුගිය 5 වන දා  පොල්ගෙඩි 8ක් අන් සතු ඉඩමකින් අහුලාගෙන තිබුණේ. ඒ පිළිබදව ඉඩමේ හිමිකරු වන හොරණ - අරමනාගොල්ල ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රසේන කරන්නාගොඩ නැමැත්තා පොලීසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුවයි මෙම දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත්තේ. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 367 වන වගන්තියට අනුව මෙම සිද්ධිය පොලිස් ස්ථානය මගින් සමථ කළ නොහැකි සිද්ධියක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

 

කෙසේ වෙතත්, මෙම සිද්ධියත් සමග පාසල් දරුවන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ඇති වුණේ පුළුල් සංවාදයක්. ඊට අදාළව ගන්නා ඉදිරි පියවර පිළිබද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (08) පාර්ලිමේන්තුවේ දී මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s53015_1[/MP3]                                                                                        

 



මේ අතර, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක අද (08) මේ පිළිබද තොරතුරු සොයා බැලීමට හොරණ - අරමනාගොල්ල ප්‍රදේශයට පැමිණියා. එහිදී 13 හැවිදිරි කුඩා දැරියගේ නිවසට මෙන්ම පාසලට ද ගිය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා තිබෙනවා. අනතුරුව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වූවා.

 
[MP3]s53015_2[/MP3]