ජනපති, බුද්ධගයාව වැද පුදා ගනී.

Friday, 08 February 2013 - 18:46

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

දෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08) බුද්ධගයාව වැඳපුදා ගත්තා. බුද්ධගයාවට පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා මල් පහන් පූජා කර ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති විශේෂ බෝධි පූජාවකට ද ජනාධිපතිවරයා සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. බුද්ධගයා පුදබිමට පැමිණි සැදැහැවතුන් පැවැත් වූ ආගමික වතාවත් සඳහා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබෙනවා.

 
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත් සතිය ගතකළ පූජණීය සිද්ධස්ථානද ජනාධිපතිවරයා මෙහිදී වැඳපුදා ගත්තා. ඉන්දියානු මහා බෝධී සංගම් විහාරස්ථාන පරිශ්‍රයේ රෝපණය කර ඇති බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකළ රන් වැටද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (08) විවෘත කරනු ලැබුවා. එම විහාරස්ථානය පිහිටි අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වු ජනාධිපතිවරයා මහා බෝධී විහාරයේ නව ධර්මශාලාවට සහ සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ අවස්ථාවටද සහභාගී වුණා.