ශ්‍රී ලංකා ජනපතිගේ සංචාරයට විරෝධය දැක්වූ 870ක් අත්අඩංගුවට.

Friday, 08 February 2013 - 19:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+870%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එරෙහිව ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වූ පුද්ගලයන් 800කට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තිරුපති ප්‍රදේශයේ මෙලෙස විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 800 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (08) පස්වරුවේයි. මේ අතර, නවදිල්ලි නුවරදී විරෝධතාවක නිරත වූ කොටි හිතවාදී එම්.ඞී.එම්.කේ. පක්ෂ නායක වයි ගෝපාලස්වාමී නොහොත් වයිකෝ ද එරට පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. ඔහු නවදිල්ලියේ පාර්ලිමේන්තු වීදිය ඔස්සේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ නිවස වෙත විරෝධතා පාගමනක් සංවිධාන කර තිබූ බවයි වාර්තා වුණේ. වයිකෝ සමග ඔහුගේ ආධාරකරුවන් 70 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

 

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එරෙහිව වයිකෝ අනවශ්‍ය අයුරින් කටයුතු කරන බවට ඉන්දීය ජනතා පක්ෂය චෝදනා කරනවා. එහි නායක සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය දේශපාලන සංචාරයක් නොව ආගමික සංචාරයක් බවයි. සහෝදර රටක් එක්සේසත් කළ නායකයෙකු මෙලෙස ඉන්දියාවේ සංචාරය කිරීම අගය කළ යුතු බව ජනතා පක්ෂ නායකයා තවදුරටත් ප්‍රකාශ කළේ. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් වයිකෝ සිදුකරන ක්‍රියා බුද්ධිමත් කටයුතු නොවන බව ද ඔහු අවධාරණය කළා.         

 

චෙන්නායි හි පිහිටි ලංකා බැංකු ශාඛාවට ද ඊයේ (07) පස්වරුවේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණා. එහිදී බැංකුවේ සේවකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු  තුවාල ලැබූ අතර පසුව ලක් රජයේ ඉල්ලීම මත එහි ආරක්ෂාව වැඩි කිරීමට ඉන්දීය රජය පියවර ගත්තා.