තරුණියක් සොයා පොලීසිය තුන්වරක් රංගේ බණ්ඩාරගේ නිවසට.

Saturday, 09 February 2013 - 7:51

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7.

තරුණියක තම නිවසේ රඳවාගෙන සිටින බව ප්‍රකාශ කරමින් පොලීසිය තුන්වරක් තම නිවස පරීක්ෂා කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසනවා. පොලීසිය පෙරේදා (07) රාත්‍රියේ එක් වරක් නුගේගොඩ - පාගොඩ පාරේ පිහිටි තම නිවස පරීක්ෂා කළ බවත්, ඊයේ (08) යළි දෙවතාවක් තම නිවස පරීක්ෂා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් තමන් මිරිහාන පොලීසියට, කථානායකවරයාට සහ පොලිස්පතිවරයාට පැමිණිලි ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

 
[MP3]s53030[/MP3]
 
මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුමක් මත මෙම පරීක්ෂා කිරීම සිදුකළ බවයි. නුගේගොඩ පාගොඩ පාරේ අදාළ අංකය දරණ නිවසේ සිට ගැහැණු ළමයෙකු කෑගසන බවටයි එම තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව එහි සත්‍යය අසත්‍යතාවය තහවුරු කර ගැනීම සදහා මෙලෙස නිවස පරීක්ෂා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි ප්‍රකාශ කළා. පළමු අවස්ථාවේ පරීක්ෂා කිරීමේ දී මන්ත්‍රීවරයාගේ පුතු පමණක් නිවසේ සිටි බවත්, පොලීසිය එය රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නිවස බව දැන ගත්තේ පසුව බවත් ඔහු සඳහන් කළා.