සාමාන්‍ය පෙළ විශේෂ විභාගය අද ඇරඹේ.

Saturday, 09 February 2013 - 7:53

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

දෙසැම්බර් මාසයේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් සඳහා පැවැත්වෙන විශේෂ විභාගය අද (09) ආරම්භ වනවා. අදාළ කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් රැසක සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට බාධා මතු වුණා. ඒ අනුව හලාවත, තංගල්ල, මොණරාගල, රත්නපුර, කුරුණෑගල, මාතලේ යන ප්‍රදේශවල මධ්‍යස්ථාන 50කදී විභාගය පැවැත්වෙනු ඇති. අයඳුම්කරුවන් 1800කට ආසන්න පිරිසක් ඊට අයදුම් කර තිබෙනවා. අද දිනයේ ගණිතය ප්‍රශ්න පත්‍රය ද හෙට සෞන්දර්යය විෂයන් ද, අනිද්දා පෙරවරුවේ අනෙකුත් අයඳුම්කරුවන් ඉල්ලූම් කළ විෂයන් සහ පස්වරුවේ ඉංග්‍රීසි විෂය ද මෙලෙස පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කළේ විභාගය පෙරවරු 9.30ට ආරම්භ කරන බවයි.