කලබල වෙන්න එපා. - පෞද්ගලික ප්‍රවාහන ඇමති.

Saturday, 09 February 2013 - 7:58

%E0%B6%9A%E0%B6%BD%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

රටේ නීතිය පිළිබදව අනවබෝධයෙන් ඇතැම් බස් සමාගම් සිදුකරන ප්‍රකාශවලට කලබල නොවන්නැයි පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක පවසනවා. මගී ප්‍රවාහන බස්රථවල වෙළෙදාමේ නිරත වන ස්වයං රැකියා වෙළදුන්ගේ වෙළදාම් කටයුතු තහනම් කර ඇති බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කොළඹ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පනවා ඇති නීති රීතිවලට අනුව බස් රථවල වෙළදාමේ නිරතවීම තහනම් ක්‍රියාවක් බවයි.

 

[MP3]s53032_1[/MP3]

 

මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක සඳහන් කළේ ස්වයං රැකියා වෙළදුන්ගේ වෙළදාම් කටයුතු විධිමත් කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කරන බවයි.

 

[MP3]s53032_2[/MP3]

 

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහදගමට චෝදනාවක් ද එල්ල කළා.

 

[MP3]s53032_3[/MP3]

 



එහෙත්  ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංමේලනයේ සභාපතිවරයා ගැමුණු විජේරත්නගේ එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

 

[MP3]s53032_4[/MP3]

 

ඔහු වැඩිදුරටත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන්  මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.  

 

[MP3]s53032_5[/MP3]

 

කෙසේ වෙතත් බස් රථවල වෙළදාම් කරන ස්වයං රැකියාලාභීන් මුවාවෙන් කාන්තාවන් රැවටීම, කාන්තා හිංසනය, අයථා මුදල් එකතුකිරීම වැනි ක්‍රියාවල නිරතවන්නන් නීතිය හමුවට පැමිණවීමට කිසිසේත් පසුබට නොවන බවයි පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක ප්‍රකාශ කළේ.

 
[MP3]s53032_6[/MP3]



ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 10ක් - අවසන් වරට වාර්තා වූ සිව්දෙනා බංග්ලාදේශයේ සිට පැමිණ ඇතැයි හෙළිවෙයි
Tuesday, 02 June 2020 - 6:09

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඊයේ (01) ඉහළ ගියා.ඊයේ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Tuesday, 02 June 2020 - 6:04

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More