පිය - පුතුන් දිවි නසා ගැනීමට හේතුව අධික ණය.

Saturday, 09 February 2013 - 12:37

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%AB%E0%B6%BA.

මහනුවර - කටුකැලේ ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු වස පානය කර ජීවිතක්ෂයට පත්වීමට හේතුව අධික ණය බර බව අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මොවුන් ජීවත්ව සිටි නිවසින් හමුවූ ලිපි දෙකකින් මෙම තොරතුරු හෙළිව ඇති බව සඳහන්. මහනුවර - කටුකැලේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි උදයකුමාර් සහ ඔහුගේ දරුවන් දෙදෙනා වන 8 හැවිරිදි ලදුෂන් හා 4 හැවිරිදි ලදිෂ්ක ඊයේ පස්වරුවේ මෙලෙස වස පානය කර තිබුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී මියගිය උදයකුමාර් විසින් සිය බිරිඳට ලියූ ලිපි දෙකක් හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

මෙම පුද්ගලයා රන්ආභරණ ව්‍යාපාරිකයෙක් වන අතර පසුගිය කාලයේ ඔහුගේ ව්‍යාපාර බංකොලොත්වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ණය බර ගෙවා ගත නොහැකි වීම නිසා ඇති වූ සිත්තැවුලෙන් ඔවුන් මෙලෙස වස පානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More