පොල්ගෙඩි අටේ සිද්ධියෙන් විදුහල්පති සහ ගුරුතුමිය නිදහස්.

Saturday, 09 February 2013 - 19:02

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B6%A7%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.

හොරණ මේධංකර මහා විද්‍යාලයේ 13 හැවිරිදි දැරියක් සිය නිවස අසල වත්තකින් පොල් ගෙඩි 8 ක් සොරකම් කරගැනීමේ සිද්ධිය සහ ඊට එරෙහිව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (09) තවත් තොරතුරක් වාර්තා වුණා. මෙම සිද්ධියට අදාළව පාසලේ විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුතුමිය වරදක් කර නොමැති බව ඒ අනුව තහවුරු වී ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන හොරණ මේධංකර මහා විද්‍යාලයේ පන්ති කාමරයක තීන්ත ආලේප කිරීම සඳහා රුපියල් 800 ක මුදලක් රැගෙන එන ලෙස සිදුකෙරුණු දැනුම්දීමක් පිළිබඳව ද මීට අදාළව තොරතුරු වාර්තා වුණා. ඒ අනුවයි ඒ පිළිබඳ විමර්ශනයට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කළේ. එම විමර්ශනයේ අවසන් වාර්තාවට අනුව අදාළ විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුතුමිය චෝදනාවලින් නිදහස් කර ඇති බවයි පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s53083_1[/MP3]                

කෙසේ වෙතත්, අද (09) පස්වරුවේ හොරණදී විදුහල්පතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට එල්ල වන චෝදනා පිළිබඳව අදහස් පළ වුණා. මෙහිදී අදහස් දැක්වු හොරණ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ගේ සංගමයේ සාමාජික පූජ්‍ය වීදාගම සද්ධාතිස්ස හිමි.

[MP3]s53083_2[/MP3]                         

13 හැවිරිදි මෙම දැරිය පොල් ගෙඩි සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳව සමාජය තුළ මතුවුණේ විවිධ අදහස්. මේ ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ පසුවිපරමක්.

[MP3]s53083_3[/MP3]                      

කෙසේ වෙතත්, අද පස්වරුවේ මාතර පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ද මේ පිළිබඳව අදහස් දැක්වීමට අමතක කළේ නැහැ.

[MP3]s53083_4[/MP3]         



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More