ජයලලිතා යළිත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉල්ලයි.

Sunday, 10 February 2013 - 7:43

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මාර්තු මස ජීනිවා හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී  ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් ගෙන එන ලෙස තමිල්නාඩු මහ ඇමතිනිය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ මේ වනවිට ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවක් ඇමරිකාව විසින් ගෙන එන බව ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම පසුගිය වසරේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වූ යෝජනාවට ඉන්දියාව සහයෝගය පළ කළේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ බලපෑම මත පමණක් බවද මහ ඇය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ජාතික හෙළ උරුමය පවසන්නේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ බලපෑමට ඉන්දීය මධ්‍යම රජය ක්‍රියා නොකළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ.

[MP3]s53093[/MP3]
 
කෙසේ වෙතත්, මාර්තු මාසයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව   ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න ප්‍රකාශ කළා. ඒ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉන්දියාව හොඳ අවබෝධයකින් සිටින බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.



ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More

මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More