අලි ප්‍රශ්න විසඳීමට බලධාරීන් ගමට.

Sunday, 10 February 2013 - 12:55

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7.

අලි - මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල ජනතාව  මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා තීරණය කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අමාත්‍යවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අදාළ තීරණයට එළඹි බවයි. ඒ අනුව ඉදිරියේදී  අමාත්‍යවරයා සමග වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ද අදාළ ප්‍රදේශවලට ගොස් අලි මිනිස් ගැටුම පිළිබඳව ජනතාවගෙන් කරුණු විමසනු ඇති. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. රත්නායක.

[MP3]s53113_1[/MP3]

අලින් ගම් වැදීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති විදුලි වැටවල් ක්‍රියාත්මක නොවන බවටද ඇතැම් අවස්ථාවලදී ජනතාවගෙන් චෝදනා එල්ලවනවා. කෙසේ වෙතත් එවැනි විදුලි වැටවල් සිවිල් ආරක්ෂක බලකායේ සෙබලූන්ගේ සහය ඇතිව අලූත්වැඩියා කිරීමටද කටයුතු කරන බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
 
[MP3]s53113_2[/MP3]